May 03, 2024

කුමාර් ගුණරත්නම්ට වසරක සිර දඬුවම්

අනවසරයෙන් ශ්‍රී ලංකාවේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් මහතාට වසරක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට කෑගල්ල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (31) නියෝග කර තිබේ.

කුමාර් ගුණරත්නම් මහතා පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව නීති විරෝධීව රැඳී සිටීමේ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබීය.

රටෙහි ඇතිවූ දේශපාලන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තම ජීවිතයට තර්ජන ඇතිවූ නිසා ආර්.එම්.දයාල් නමින් තමන් ඕස්ට්‍රේලියාව බලා පිටව ගොස් ඇති අතර එහිදී නොයෙල් නමින් තම නාමය වෙනස් කොට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගෙන ඇත.

ඉන්පසුව පසුගිය ජනවාරි 29 වැනිදා ඔහු ඕස්ට්‍රේලියා විදේශ ගමන් බලපත්‍රය මඟින් මෙරටට පැමිණි අවස්ථාවක නීතිවිරෝධිව රැඳී සිටීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 31 March 2016 13:27