May 07, 2024

මරණ තර්ජන ගැන කුමාර් ගුණරත්නම්ගේ මව හෙළිකරයි (VIDEO)

තම පුත්‍රයාගේ නඩුව කෑගල්ලේ දී අසා සිර දඬුවම් සඳහා රජරටට යැවීම සාධාරණ නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම් මහතාගේ මව වන රාජමනී ගුණරත්නම් මහත්මිය පවසයි.

ඇය මෙම අදහස් පළ කළේ අද (04) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ය.

තම පුතා අසනීපයෙන් පෙළෙන බවත් අනුරාධපුර බන්ධනාගාරයට යැවීම ගැන පවුලේ අය කනස්සල්ල පළ කරන බවත් ඇය වැඩි දුරටත් පැවසුවා ය.

එමෙන්ම ඔහුට ජීවිත තර්ජන ඇති බව දැනගන්නට තිබෙන බව ද ගුණරත්නම් මහත්මිය සඳහන් කළා ය.

මෙම අවස්ථාවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක පුබුදු ජයගොඩ මහතා සහ කුමාර් ගුණරත්නම් මහතාගේ සහෝදරිය වන නෙරංජලා ගුණරත්නම් මහත්මිය ද සහභාගි වූහ.

වීඩියෝව පහතින්.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 April 2016 21:23