May 07, 2024

කුමාර් ගුණරත්නම් යළි රිමාන්ඩ්

February 15, 2016

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මෙරට නීති විරෝධීව රැඳී සිටි බවට චෝදනා ලබා අත්අඩංගුවේ පසුවන පෙරටුගාමී පක්ෂයේ දේශපාලන සභික කුමාර් ගුණරත්නම් මහතා පෙබරවාරි මස 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත්වරයා අද (15) නියෝග කර තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් මස 04 වන දින කෑගල්ල අගුරුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු ගුණරත්නම් මහතා මෙයට පෙර 06 වතාවක් බන්ධනාගාරගතව සිටි අතර මේ වනවිට ඔහු දින 103 ක් බන්ධනාගාරයේ සිට ඇති  බව සඳහන් වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 15 February 2016 13:38