May 09, 2024

නිදහස් පක්ෂයේ තවත් පිරිසකට විනය පියවර

පක්ෂයේ සමගියට බාධාවන අන්දමින් හැසිරෙන තවත් පිරිසකට එරෙහිව ඉදිරියේදී විනය කි‍්‍රයාමාර්ග ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

පක්ෂය තුළ විනය විරෝධීව හැසිරෙන කිහිප දෙනෙකු සම්බන්ධයෙන් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පැමිණිලි ලැබී ඇති නිසා මෙම තීරණයට එළැඹි බව එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේය.

විනය විරෝධීව හැසිරුණු කිහිපදෙනෙකු වෙත මේ වනවිටත් ලිඛිත දැනුම්දීම් ද සිදු කර ඇති බව ඒ මහතා සඳහන් කළේය.

මේ අතර හිටපු සංවිධායකවරුන් කිහිපදෙනෙකු ඉවත් කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට නව දිස්ත‍්‍රික් සහ ආසන සංවිධායකවරුන් පිරිසක් පසුගියදා පත්කෙරුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ එම පිරිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටියයුතු වුවත් පක්ෂයේ සිටම නායකත්වය විවේචනය කිරීමට වඩා වෙනත් දේශපාලන පක්ෂයක් පිහිටුවීම වඩා හොඳ බවය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 06 March 2016 10:43