April 28, 2024

තාජුඩීන් ඝාතනය සම්බන්ධව EPDP නායකගෙන් CCTV වීඩියෝ ඉල්ලයි

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP) නායක ඩග්ලස් දේවානන්ද මහතාගේ නාරාහේන්පිට පිහිටි දේශපාලන කාර්යාලයේ ක්‍රියාත්මක වූ CCTV ආරක්ෂක කැමරාවේ දර්ශන රහස් පොලීසියට ලබාදියයුතු බවට නියෝගයක් නිකුත්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පසුගිය 2012 වසරේ 05 වෙනි මස 16 වැනිදා CCTV දර්ශන රහස් පොලිසියට ලබාදෙන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා දේවානන්ද මහතාට අද (03) නියෝග කර තිබේ.

ලබන 10 වැනිදාට පෙර එම වීඩියෝ පටය ලබාදිය යුතු බව ද එම නියෝගයේ සඳහන් වන බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 03 March 2016 17:46