May 08, 2024

තාජුඩීන් ඝාතනයට හිටපු පොලිස්පතිටත් වැඩ වරදියි? (VIDEO)

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතාගේ ආන්දෝලනාත්මක ඝාතන සිද්ධිය සැඟවීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්යෙන් කළ යුතු බව ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.

එමෙන්ම තාජුදීන් මහතාගේ ඝාතකයින් කවුදැයි හිටපු පොලිසිපතිවරයා දැන සිටිය බවට ද සේනසිංහ මහතා එහි දී චෝදනා කළේ ය.

ඒ මහතා මෙම අදහස් පල කළේ ඊයේ (28) සිරිකොත එජාප මූලස්ථානයේ පැවැති ජන හමුවක් අමතමිනි.

වීඩියෝව සඳහා ක්ලික් කරන්න > > > 

නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල ප්‍රධානීන් ලෙස මේ වන තෙක් සිටියේ රාජපක්ෂ පාලනය විසින් පත් කළ නිලධාරීන් බවත් එම නිසා පසුගිය පාලන සමයේ සිදු වූ අපරාධ පිළිබඳ පරීක්ෂණ නිසි පරිදි සිදු නොවූ බවත් පැවසූ ඒ මහතා අවධාරණය කළේ යහපාලනය ක්‍රියාත්මක කරන තම රජය එම නිලධාරීන් එක වර අත්තනෝමතික ලෙස ඉවත් නොකළ බවත් සාමාන්‍ය ක්‍රමවේදයන් යටතේ නව නිලධාරීන් පත් කළ බවත් ය.

මේ වන විට හොඳ නීතිපතිවරයෙකු සහ හොඳ පොලිස්පතිවරයෙකු සිටින බැවින් පසුගිය සමයේ අපරාධ හා සම්බන්ධ යුක්තිය ක්‍රියාත්මක කිරීම සිදු වෙමින් ඇති බවයි සේනසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

තාජුදීන් ඝාතනය පිළිබඳ පරීක්ෂණ යට ගැසූ නිලධාරීන් සියළුදෙනාට තරාතිරම නොබලා දඬුවම් ලබා දීමට කටයුතු කරන බව පොරොන්දු වූ අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරනය කළේ එම ඝාතනයට මුල් වූ රාජපක්ෂ පරම්පරාවම නීතිය හමුවට ගෙනැවිත් උපරිම දඬුවම් ලබා දීමට කටයුතු කරන බව යි.

වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(5 votes)
Last modified on Friday, 29 April 2016 16:04

Related items