May 07, 2024

තාජුඩීන් මැරූ හේතුව හෙළි වේ - සිද්ධිය පිටුපස තරුණ දේශපාලකයෙක්

February 27, 2016

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මහතා ඝාතනය කිරීමට මූලික හේතුව වී ඇත්තේ හැව්ලොක්‌ස්‌ රගර් ක්‍රීඩා සංගමය සම්බන්ධ සිදුවීමක් බව අනාවරණය කරගැනීමට හැකි වී ඇති බව වාර්තා වේ.

හැව්ලොක්‌ස්‌ රගර් ක්‍රීඩා සංගමය මිල දී ගැනීම සම්බන්ධයෙන් පසුගිය රජයේ තරුණ දේශපාලනඥයකු සහ තාජුඩීන් මහතා අතර ඇති වූ ආරවුලක්‌ නිසා මෙම ඝාතනය සිදුව ඇතැයි පොලිසිය මෙතෙක්‌ සිදු කළ විමර්ශනවල දී අනාවරණය තිබෙන බව පැවසේ.

මෙම තරුණ දේශපාලනඥයා හැව්ලොක්‌ස්‌ රගර් සමාජය අයිතිකර ගැනීමට සූදානම් වෙද්දී වසීම් තාජුඩීන් මහතා ඊට එරෙහිව කටයුතු කර ඇති අතර ඒ වන විට තාජුඩීන් මහතා හැව්ලොක්‌ස්‌ රගර් කණ්‌ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයා බවට පත්ව සිට ඇත.

මෙම සිද්ධිය මුල් කරගෙන ඔහු සහ තරුණ දේශපාලනඥයා අතර දැඩි ගැටුම්කාරී තත්ත්වයක්‌ උද්ගත වී තිබී ඇති අතර ඒ හේතුවෙන්  ඇති වූ ගැටුමේ ප්‍රතිඵලයක්‌ ලෙස තාජුඩීන් ඝාතනයට ලක්‌වූ බවට සාක්‍ෂි රැසක්‌ පොලිසිය වෙත මේ වනවිට ලැබී ඇති බව සඳහන් වේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 28 February 2016 08:30