May 09, 2024

සැමියා ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට

සිය සැමියා ඝාතනය කළ කාන්තාවක් හපුතලේ පොලීසිය විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබේ.

හපුතලේ රෝ හැම්ටස් වතුයායේ පදිංචි අදාළ කාන්තාව පෙරේදා (18) නිවසේ ඇති වූ ආරවුලක් හේතුවෙන් තම සැමියාට මුගුරකින් පහර දී ඇති බව පොලීසිය සඳහන් කරයි. 

ඉන් අනතුරුව අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ. 

මෙලෙස මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි අයෙකු බව සඳහන් වේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 20 August 2016 10:45