May 08, 2024

හිරුණිකාට ගම්මන්පිලගෙනුත් නඩුවක්

ස්‌වාධීන රූපවාහිනි නාලිකාව මගින් විකාශය වූ "ගිරය" වැඩසටහන අතරතුර දී සිදු කළ ද්වේශ සහගත ප්‍රකාශ නිසා තමන්ගේ කීර්ති නාමයට සිදු වූ අපහාසයට රුපියල් මිලියන 500 ක වන්දියක්‌ ලබාදීමට නියෝගයක්‌ කරන්නැයි ඉල්ලා කොළඹ දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ඊයේ (12) කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීය.

පසුගිය වසරේ ජූලි 2 වැනිදා විකාශය වූ මෙම වැඩසටහනේ දී ඇය තමන්ගේ පෞද්ගලික ජීවිතයට අදාළව කළ ද්වේශ සහගත ප්‍රකාශ නිසා තමන්ගේ කීර්ති නාමයට පිරිමැසිය නොහැකි හානියක්‌ මෙන්ම බලවත් මානසික හානියක්‌ සිදුවී ඇති බව උදය ගම්මන්පිල මහතා සිය පෙත්සම මගින් අධිකරණයට පෙන්වා දී ඇත.

Rate this item
(0 votes)