May 17, 2024

කොලොන්නාවේ ගොඩනැඟිල්ලක් බලෙන් අත්පත්කරගෙන? - හිරුණිකාට හා මවට නඩුවක්

කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හා ඇයගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවක් මාර්තු මස 29වන දින කැඳවීමට කොළඹ දිසා අධිකරණය විසින් තීරණය කර තිබේ.

තමාට අයත් ගොඩනැඟිල්ලක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මිය හා ඇයගේ මෑණියන් වන සුමනා ප්‍රේමචන්ද්‍ර යන අය විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඇති බවත්, එය තමාට නැවත ලබාදෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

පක්ෂ කාර්යාලයක් පවත්වාගෙනයාම සඳහා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් තමාට අයත් ගොඩනැඟිල්ලක් ලබා ගත් බවත්, එය නැවත තමාට දෙන ලෙස ඉකුත් පෙබරවාරි මස සිට ඉල්ලීම් කරනු ලැබුව ද, එම ඉල්ලීම මෙතෙක් ඉටුනොවුණු බව පැමිණිලිකාර පාර්ශවය අධිකරණය වෙත කරුණු දක්වමින් පෙන්වා දී ඇත.

Rate this item
(1 Vote)