May 18, 2024

හිරුණිකාට මහාධිකරණයෙන් දැඩි අවවාද

February 29, 2016

පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අද (29) දින මහාධිකරණයෙන් දැඩි සේ අවවාද කළ බව වාර්තා වේ.

ඒ ඇය, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව මහාධිකරණයේ දී විභාගයට ගත් අවස්ථාවට සහභාගී වූ අවස්ථාවේ දී ය.

අධිකරණ ශාලාවට ඇතුළුවීමේ දී හිස නමා අධිකරණයට ගෞරව කළ යුතුව තිබුණත් ඇය එය අද නොකිරීම හේතුකොට ගෙන ප්‍රේමචන්ද්‍ර මහත්මියට මෙසේ අවවාද කර ඇති බවයි පැවසෙන්නේ.

මෙය පළමු වර අවවාදය බවත් මීට පසු මෙම වැරැද්ද සිදුකළහොත් ඊට එරෙහි ක්‍රියාමාර්ග ගන්නා බවත් අධිකරණය ඇයට දැනුම් දී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 29 February 2016 17:32