May 19, 2024

'පුදුම අමාරුවක්නේ තියෙන්නේ' - හිරුණිකාගේ කතාවෙන් මැතිසබේ උණුසුම් වූ හැටි (VIDEO)  

වර්තමානයේ චෝදනා ලබා ඇති මන්ත්‍රීවරයෙකු පිලිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ (23) පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයක් හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

“ප්‍රශ්නය ඇහුවම පස්සේ... ඇයි මේ කෑ ගහන්නේ. මෙතන් කා ගැනද කතාකරන්නේ. “ යැයි ප්‍රශ්නය ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරිය කතා කිරීමත් සමග හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊට පිළිතුරු දීමට නැගි සිටියේය.

“මේ ගරු සභාවේ මන්ත්‍රීවරයෙකු වන උදය ගම්මන්පිල මැතිතුමා මේ හා සම්බන්ධිත ව්‍යාජ පැමිණිල්ලකට අත්අඩංගුවට අරන් බන්ධනාගාර ගත කරලා තියෙනවා“ යයි එහිදී බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“ඇයි මේ කොහෙවත් කඩේ යන්නේ නැතිව ඔබතුමා ඉඳගන්න. ඔබතුමා වැදගත් පුද්ගලයෙක්. මේවා ඔප්පු වුනාට පස්සේ ඔබතුමාට පාරේ බැහැල යන්න බැරිවෙනවා.“ යැයි මන්ත්‍රීවරිය සඳහන් කළාය. 

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. 

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(2 votes)