May 19, 2024

රජයෙන් බෙහෙතට කංසා වැවීමේ වැඩසටහනක්

ආයුර්වේද ඖෂධ සංස්‌ථාව මගින් කංසා වගා කිරීමේ නව වැඩසටහනක්‌ ළඟදීම ආරම්භ කරන බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ය.

ඖෂධ සෑදීම සඳහා විශාල මුදලක්‌ වැයකර දැනට ඉන්දියාවෙන් කංසා මිලදී ගන්නා බවත් ශ්‍රී ලංකාව තුළ අාරක්ෂිත වැඩපිළිවෙළක්‌ යටතේ කංසා වගා කිරීමෙන් විශාල මුදලක්‌ ඉතිරි කර ගැනීමට හැකි වන බවත් සෞඛ්‍ය ඇමැතිවරයා පැවසූ අතර මෙසේ වගා කරනු ලබන කංසා පැළ ආරක්‍ෂා කර ගැනීමට යුද්ධ හමුදා සහාය ද ලබා ගැනීමට අදහස්‌ කරන බවයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පසුගිය දා වාද්දුව පොතුපිටිය වෙන්ඩෝල් ආයුර්වේද රෝහල විවෘත කිරීමේ උත්සවයක දී ය.

Rate this item
(0 votes)