May 19, 2024

ටෙන්ඩර් ක්‍රමය රාජිත වෙනස් කරයි

සෞඛ්‍ය අමාත්‍යංශයට අදාළ ඖෂධ සහ උපකරණ මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩර් පටිපාටිය මෙම වසරේ සිට වෙනස් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙතෙක්  ඖෂධ හා උපකරණ වලට අදාළ ටෙන්ඩර් ගනුදෙනුවලදී සිදුව ඇති අක‍්‍රමිකතා හේතුකොටගෙන මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සදහන් කරයි.

ඊයේ (01) රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් කොළඹ ජාතික රෝහලේ විකලාංග රෝග ශල්‍යකර්ම සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට පැවති උත්සවයේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ය.

රාජිත සේනාරත්න මහතා මෙහිදී අවධාරණය කළේ ඇතැම් ආයතන ඖෂධ හා උපකරණ සැපයීමේදී විශාල ටෙන්ඩර් වංචා සිදුකර තිබෙන නිසා එම ආයතන අසාදුලේඛනගත කරන බවයි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දිවයිනේ රෝහල් රැසක වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බවත් එම හිඟය කඩිනමින් පිරවීමට කටයුතු කරන බවත් ය.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 January 2016 13:22