May 13, 2024

ජනපති ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව කැඳවයි 

November 16, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) පැවැත්වීමට නියමිතය.

ජනාධිපති නිළ නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බව ශ්‍රීලනිප පක්ෂ ආරංචි මාර්ග පවසයි.

පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව සහ එළඹෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.

එමෙන්ම වර්තමානයේ උද්ගතව ඇති ප්‍රධාන ප්‍රශ්න කිහිපයක් ද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව ද ලබන සිකුරාදා පැවැත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Monday, 16 November 2015 10:06