May 03, 2024

රාත්‍රී සමාජ ශාලාවක් ඉදිරිපිට දී වෙඩි තැබීමක් 

September 12, 2015

ගල්කිස්ස රෝයල් පාර්ක් රාත්‍රී සමාජ ශාලාව ඉදිරිපිට දී අද (12) අළුයම වෙඩි තැබීමක් සිදු කර තිබේ.

දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුමක් ඇති වී තිබේ. පසුව පැමිණි නාදුනන පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

පිළියන්දල සිද්ධමුල්ල ප්‍රදේශයේ සිට පැමිණි තරුණයන් 04 දෙදෙනෙකුගෙන් එක් අයෙකුට වෙඩි තබා තිබේ. වෙඩි ප්‍රහාරයට පක් වූ තරුණයා පිළියන්දල සිද්ධමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුයෙකු බවත් ඔහුගේ උරහිස ප්‍රදේශයට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවත් වාර්තා වේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ 28 හැවිරිදි නුවන් අත්තනායක නමැති තරුණයා සමග එම ගැටුමෙන් පහර කෑමට ලක් වූ තවත් තරුණයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. 

වෙඩි තැබීම සිදු කරන ලද්දේ කවුරුන් විසින් දැයි මේ වනතෙක් අනාවරණ වී නොමැති අතර පොලීසිය ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටී. ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා  තිබේ.

මොරටුව - ඉන්දික මනෝජ්

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 12 September 2015 10:21