April 27, 2024

තාජුදීන් ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුවෙකුට බලපෑම්! 

September 10, 2015

වසීම් තාජුදීන්ගේ මරණය සම්බන්ධ ප්‍රධාන සාක්කිකරුවකුට බලපෑම් එල්ල වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයා අද (10) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට දැනුම් දුන්නේය.

දැනට අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සිදු කරන වෛද්‍යවරයා ගැන කොළඹ හිටපු අධිකරණ වෛද්‍යවරයා මාධ්‍යයට කළැයි කියන ප්‍රකාශය පිළිනොගන්නා බවත් රජයේ වැදගත් තනතුරක් දැරූ ඔහු වැනි පුද්ගලයකු එවැන්නක් නොකර සිටීමට තිබූ බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දැන්වීය. 

ඔහුගේ ප්‍රකාශවලින් පරීක්ෂණයට බාධා සිදු වෙනවා නම් ඒ ගැන රහස් පොලිසිය මගින් දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා පැවසී ය.

කෙසේවෙතත් මරණ පරීක්ෂණයේ අවසන් වාර්තාව සකස් කිරීමට කොළඹ හිටපු අධිකරණ වෛද්‍යවරයා විසින් සකස් කළ වාර්තාව අවශ්‍ය බව දැනුම්දී ඇත.

හිටපු අධිකරණ වෛද්‍යවරයා අද අධිකරණයට පැමිණි නොසිටි බවද මරණ පරීක්ෂණයේ අවසන් වාර්තාව අධිකරණයට තවම ලැබී නොමැති බව ද වාර්තා වේ.

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 September 2015 17:33