May 02, 2024

ඉතිරි ඇමතිවරු අද දිවුරුම් දෙති

September 09, 2015

මේ වන විට නව ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු 43 දෙනෙකු පමණක් දිව්රුම් දී ඇති අතර ඉතිරි කැබිනට් අමාත්‍යවරු 05 දෙනා ද රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු 45 දෙනා ද අද (09) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

දිවුරුම් දීමේ උත්සවය අද පස්වරු 2.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ආරම්භ වීමට නියමිතව ඇත.

කැබිනට් අමාත්‍යධූර 48න් 33ක් එජාපයටත් 15ක් නිදහස් පක්ෂයටත් හිමිවන පරිදි අමාත්‍ය මණ්ඩලය සකස් වන අතර රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධූර 45න් 27ක් එක්සත් ජාතික පක්‍ෂයටත් 18ක් නිදහස් පක්ෂයටත් ලැබීමට නියමිතව තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 09 September 2015 09:05