May 03, 2024

මත්තල වෙනුවෙන් ඇමති අමරවීර සටනට - ඇමතිධූරයෙන් ඉවත් වීමේ සූදානමක්?

September 09, 2015

මත්තල ගුවන්තොටුපළ වී ගබඩාවක්‌ ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන්නේ නම් තමා ඇමතිධූරය අතහැර ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ධීවර හා ජලජ සම්පත් ඇමති මහින්ද අමරවීර මහතා පැවසුවේය.

මත්තල ගුවන්තොටුපළ ඉදිරිකිරීම සම්බන්ධයෙන් පළ කරන අදහස් හරි හෝ වැරදි එම ගුවන්තොටුපොළ ඉදිකිරීමට විශාල මුදලක් වැය කර ඇති බවද හෙතෙම සඳහන් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ආරම්භ කළා කියා දේශපාලන හේතුන් මත මේ සංවර්ධන කටයුතු නතර නොකළ යුතු බවත්, රටේ අනාගතය වෙනුවෙන් ඒ සියලු සංවර්ධන ව්‍යාපෘති එලෙසම ක්‍රියාත්මක කළයුතු බවත් ඔහු පැවසීය.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සිදුකෙරෙන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති නතර කර මත්තල ගුවන් තොටුපළ වී ගබඩාවක්‌ ලෙස දිගට පවත්වාගෙන යැමට කටයුතු කරන්නේ නම් මේ ජාතික ආණ්‌ඩුවේ ඇමැති තනතුරු දැරීමෙන් තේරුමක්‌ නැතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

මේ සියලු සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට කරගෙන යාමට තමන් කටයුතු කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 09 September 2015 09:42