May 14, 2024

'මටයි ජනපතිටයි නින්ද යන්නේ නෑ' - අගමැති හෙළි කරයි

September 06, 2015

තමන්ටයි ජනපතිටයි නින්ද යන්නේ නැති බවත්, ඇතැම් අයට නින්ද ගිය නිසා තමන් හා ජනපති මේ තත්ත්වයට පැමිණි බවත් එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

අගමැතිවරයා මේ බව පැවසූවේ අද(06) කෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති එජාප 69වැනි සංවත්සරය අමතමිනි.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසී ය.

"අපි අලුතෙන් හිතන්න පුළුවන් තැනක ඉන්නවා. පවතින දේශපාලන, ආර්ථක රාමුවෙන් තවදුරටත් ඉදිරියට යන්න බෑ. මේ මඩේ එරිලා, පක්ෂ වශයෙන් බෙදිලා කුලල් කා ගන්නවාද, පක්ෂ වශයෙන් බෙදිලා රණ්ඩුවෙන්න කැමතිද කියලා මම අහන්න කැමතියි. අපි හැමෝගෙම එකගත්වයෙන් ජාතික ආණ්ඩුවක් හැදුවා. ඒ හැදුවේ ඔබේ අතට හොඳ ආදායමක් ලබාදෙන්න ඕන නිසා. ජාතික ආණ්ඩුවක් කියන්නේ මංතීරු හතරක් තියෙන හයිවේ එකක යන හයිබ්‍රිඩ් එකක් වගේ. යන වෙලාව කියන්න පුළුවන්. සීට් බෙල්ට් එක දාගෙන යන්න. නැත්නම් අනතුරු වෙනවා. අපි හයිබ්‍රිඩ් එකේ සීට් බෙල්ට් තියෙනවා. එයා බෑග් තියෙනවා. මටයි ජනපතිටයි නින්ද යන්නේ නෑ. අනත් අයට නින්ද ගියා. ඒ නිසා අපි මෙතනට ආවා. මාස 60කින් අලුත් රටක් හදන්න කැපවෙමු කියලා මම කියනවා." යැයි හෙතෙම සඳහන් කළේය.

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 07 September 2015 11:38