May 04, 2024

නිදහස් පක්ෂයේ 11කට ඇමති ධූර - 15කට කැබිනට් ඇමති ධූර

September 04, 2015

ජාතික ආණ්ඩුවේ අමාත්‍යවරුන් 42 දෙනෙකු අද (04) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීම සිදුවිය.

මීට පෙර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර දිවුරුම් දුන් අතර, ඔහුත් සමග මෙතෙක් පත් කර ඇති අමාත්‍යවරුන් ගණන 43 කි.

අද දිවුරුම් දුන් අමාත්‍යවරුන්ගෙන් 11 දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වේ.

ඔවුන්ගේ ලැයිස්තුව මෙසේ ය.

  1. ප්‍රවාහන අමාත්‍ය - නිමල් සිරිපාල ද සිල්වා
  2. සමාජ සවිබල ගැන්වීම සහ සුබසාධන අමාත්‍ය - එස්.බී. දිසානායක
  3. කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය - ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න
  4. ආපදා කළමනාකරණ අමාත්‍ය - අනුර ප්‍රියදර්ශන යාපා
  5. තාක්ෂණ, තාක්ෂණ අධ්‍යාපන හා රැකියා අමාත්‍ය - සුසිල් ප්‍රේම්ජයන්ත්
  6. නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය - මහින්ද සමරසිංහ
  7. ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය - මහින්ද අමරවීර
  8. විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍ය - රංජිත් සියඹලාපිටිය
  9. කෘෂිකර්ම අමාත්‍ය - දුමින්ද දිසානායක
  10. ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු පිළිබද අමාත්‍ය - චන්දිම වීරක්කොඩි
  11. ක්‍රීඩා අමාත්‍ය - දයාසිරි ජයසේකර

දිවුරුම්දීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට කැබිනට් අමාත්‍යධුර හිමිවන බවයි.

Rate this item
(1 Vote)