April 27, 2024

'අල්ලස් කොමිසම අහෝසි කරන්න' - එජාප මන්ත්‍රීවරුන්ගෙන් අගමැතිට ලිපි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අකර්මන්‍ය තත්ත්වයේ පවතින බව පවසමින් එය අහෝසි කරන්නැයි ඉල්ලමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත එජාප මන්ත්‍රීවරු පිරිසක් විශේෂ ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.
 
මෙම ලිඛිත ඉල්ලීමෙන් පෙන්වා දී ඇත්තේ එක්සත් ජාතීන්ගේ දුෂණ විරෝධි ප්‍රඥප්ති නීතිගත කොට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවට නවතම ආයතනයක් ස්ථාපිත කළ යුතු බවයි.
 
ජනවාරි 8 වනදා ආණ්ඩුව බිහිකරන අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පුරප්පාඩු 150 ක් පමණ පැවැති අතර එම හේතුවෙන් විමර්ශන කටයුතු අඩපනව තිබූ බව එම මන්ත්‍රීවරුන් මෙම ලිපියෙන් පෙන්වා දී තිබේ.

Rate this item
(0 votes)