May 07, 2024

'දෛවය අනුව ලැබෙන දෙයක් ලැබෙයි' - ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කතා කරයි (VIDEO) 

දෛවය අනුව ලැබෙන දෙයක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බව හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

ඊයේ (23) රාත්‍රී ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා හා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ විපක්ෂ නායක ධූරය පිළිබඳවත්, ජාතික ආණ්ඩුවේදී ලබා ගත යුතු ඇමතිධූර පිළිබඳවත් සාකච්ඡා නොකල බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ශ්‍රීලනිපය ඉවත් වීමේ තීරණයක් ගෙන නොමැති බවද ඔහු එහිදී පැවසී ය.

මේ අතර නිමල් සිරිපාල ද සිල්වා, සිරිපාල ගම්ලත්, එස්.බී. දිසානායක, දයාසිරි ජයසේකර, මොහාන් ලාල් ග්‍රේරු, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, නිමල් ලාංසා, තිලංග සුමතිපාල යන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ද මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න. 

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 24 August 2015 15:41