May 04, 2024

සන්ධාන විධායක සභාවෙන් ටී.බී. ඒකනායකත් ඉවතට

මෙවර මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ‍තේරී පත් වු කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන ටී.බී. ඒකනායක මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  විධායක සභාවෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම ඊ‍යේ දිනයේ දී කුමාර වෙල්ගම, එස්.එම්. චන්ද්‍රෙස්න සහ පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් ද  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාවෙන් ඉවත් කරනු ලැබුවේ ය.

Rate this item
(0 votes)