May 07, 2024

ශ්‍රීලනිපය කැබිනට් ඇමතිධුර 15ක් ඉල්ලයි?

ජාතික ආණ්ඩුව නියෝජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්වන මන්ත්‍රීවරුන් සඳහා අඩුම ගණනේ 15 දෙනෙකුටවත් කැබිනට් අමාත්‍යධුර ලබා දිය බවට ඉල්ලීමක් සිදු කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර නියෝජ්‍ය අමාත්‍යධුර හා රාජ්‍ය අමාත්‍යධුරද එක් වූ විට සමස්ත එකතුව අඩුම ගණනේ 30ක් වත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම වී ඇතැයි වාර්තාවේ.

එක්සත් ජාතික පෙරමුණ සහ ශ්‍රීලනිපය එක්ව සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටුවීමේ ගිවිසුමට ශ්‍රීලනිපයේ වැඩ බලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා සහ කබීර් හෂීම් මහතා ජනපති ලේකම් කාර්යාලයයේ දී අද (21) පෙරවරුවේ අත්සන් තැබීය. 

 

Rate this item
(1 Vote)
Last modified on Friday, 21 August 2015 17:40