May 04, 2024

සුසිල්ට එරෙහි පෙත්සමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් තමාව අත්තනෝමතිකව ඉවත් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහලේකම්වරයා වන සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ගෙන ඇති තීරණය බල රහිත කරන මෙන් ඉල්ලමින් දකුණු පළාත් සභා මන්ත්‍රී එච්.ඒ පියසේන මහතා ඊයේ (21) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සුසිල් ප්‍රේම්ජයන්ත, දකුණු පළාත් සභා ලේකම් කේ.එල්.දයාරත්න, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය යන මහත්වරුන් නම් කර ඇත.

මෙවර මහ මැතිවරණයට මාතර දිස්ත්‍රික් ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තමා නාමයෝජනා ඉදිරිපත් කළ බවත්, පසුව පක්ෂ ව්‍යවස්ථාව කඩ කර ඇති බව පවසමින් තමාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව දන්වමින් හිටපු මහලේකම්වරයා ලිපියක් මඟින් තමාට දැන්වූ බවත් පියසේන මහතා ප්‍රකාශ කර ඇත.

තමාට එරෙහිව චෝදනා පත්‍රයක් හෝ විනය පරීක්ෂණයක් නොමැතිව මෙසේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීම නීති විරෝධී බැවින් එම තීරණය බල රහිත කරන ලෙසයි පියසේන මහතා ඉල්ලා සිටින්නේ.

Rate this item
(0 votes)