May 08, 2024

ජාතික ආණ්ඩුව ගැන චමල්ගේ නිවසේ සාකච්ඡාවක්

ජාතික ආණ්ඩුවක් වශයෙන් ඉදිරියේදී කටයුතු කිරීම පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දිවුරුම්දීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ අදහස් විමසා වාර්තාවක් සකස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කළ කමිටුව මේ වනවිට රැස්වී ඇතැයි වාර්තා වේ.

හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී එම සාකච්ඡාව පැවැත්වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද(20) පෙරවරුවේ හමුවක් පැවැත්වුණි.

තේරීපත්වූවන්ට සුභ පැතීම සහ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීම සඳහා එම හමුව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. 

එහිදී ජනාධිපතිවරයා විසින් ජාතික ආණ්ඩුවක් වශයෙන් කටයුතු කිරීම පිළිබඳව දිවුරුම්දීමට නියමිත මන්ත්‍රීවරුන්ගෙන් අදහස් විමසා වාර්තාවක් සකස් කිරීමට ජෝන් සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වයෙන් අදාළ කමිටුව පත්කර තිබේ.

Rate this item
(1 Vote)