May 07, 2024

අවුරුදු 2ක ජාතික ආණ්ඩුවකට ශ්‍රීලනිපයෙන් අවබෝධතා ගිවිසුමක් (VIDEO)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද දින රැස් වුණු බවත් ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ අඩුම ගණනේ වසර දෙකකටවත් බලපැවැත්වෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට එහි දී තීරණය වූ බවත් එම පක්ෂයේ වැඩබලන මහලේකම් දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කළේ ය.

පිහිටුවාගන්නා ආණ්ඩුව මොන ආකාරයේ එකක් විය යුතු ද යන්න තීරණය කිරීම සඳහා පස්දෙනෙකුගෙන් යුතු කමිටුවක් ද පත්කරගත් බව ඒ මහතා පැවසුවේ ය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය සමග අවබෝධතා ගිවිසුමක් යටතේ මෙම ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කෙරෙන බවයි දිසානායක මහතා කියා සිටියේ.

වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 August 2015 17:00