May 13, 2024

සන්ධානයේ ඉහළ තනතුරක් හිමි ප්‍රබලයෙක් එජාපයට?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම තනතුරක් දරන ජ්‍යෙෂ්ඨයෙකු එක්සත් ජාතික පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට කැමැත්ත පළ කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඔහු මෙවර මැතිවරණයේ පාර්ලිමේන්තුවට තේරී පත් ව ඇත්තේ මනාප ලක්ෂයකට අධික ප්‍රමාණයක් ලබා ගනිමිනි.

එක්සත් ජාතික පෙරමුණේ යහ පාලන සංකල්පයට අනුගත වී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කළ බව ඔහු එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතාට පවසා ඇතැයි වාර්තා වේ.

ඔහුගේ යෝජනාව පිළිබඳ මලික් සමරවික්‍රම මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් අඅග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(2 votes)
Last modified on Thursday, 20 August 2015 13:03