May 01, 2024

විමල්ගේ කෝපයට හේතුව දන්නේ ශෂී - රංජන්ගෙන් ප්‍රකාශයක් (video)

සමාජ සේවා හා සුභසාධන හා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට අභියෝගයක් කර තිබේ.
 
මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක කිරීම වෙනුවෙන් මහනුවර පැවති ජනහමුවට 10.000 ක් සහභාගී වුවහොත් තමා සියදිවි නසා ගන්නා බවට විමල් වීරවංශ මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා මෙම අභියෝගය කර ඇත.
 
තමා එවැනි ප්‍රකාශයක් කර නොමැති බවත් එසේ ප්‍රකාශ කර ඇත්නම් එය තහවුරු කරන ලෙසත් රංජන් රාමනායක අමාත්‍යවරයා විමල් වීරවංශ මහතාට අභියෝග කරයි.
 
එමෙන්ම විමල් වීරවංශ මහතා තමා සමග මෙතරම් කෝපයෙන් සිටීමට හේතුව දන්නේ ශෂී වීරවංශ මහත්මිය බවද රංජන් රාමනායක අමාත්‍යවරයා සඳහන් කරයි.
 
එම අභියෝගයට අදාළ වීඩියෝව පහතින් නරඹන්න.
Rate this item
(0 votes)
Last modified on Tuesday, 10 March 2015 11:34