May 17, 2024

නාමල් රාජපක්ෂත් අත්අඩංගුවට?

February 08, 2016

තම සොයුරා මෙන්ම ළඟදීම තමාව ද අත්අංඩංගුවට ගනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.

වත්මන් රජය රටේ ජනතාව මුලා කරමින් දේශපාලන පළිගැනීම් සිදුකරන බව ද ඔහු පැවසුවේ ය.

නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.

"මේ ආණ්ඩුවට තියන ලොකුම ප්‍රශ්නෙ CSN එකයි, යෝෂිතයි. තව වෛද්‍යවරයෙක් ඉන්නව ඒ කණ්ඩායමේ ඒ කොටස් අයිතිකාර අධ්‍යක්ෂකවරයෙක්. එයා කියනවා එයාගෙ ආයතනය කියලා. වෛද්‍යවරයට විභාගෙකුත් තියනවා. ඒ තියෙද්දිත් ඇතුළෙ. මේ වගේ පළිගන්න තමයි මේ වැඩ පිළිවෙල යන්නෙ. හැබැයි පොලීසියෙ මාධ්‍ය ප්‍රකාශක මහත්තය එක දවසකට එකක් කියනවා. දැන් රාජිත ඇමතිතුමා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක. පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක එක්සත් ජාතික පක්ෂෙ මාධ්‍ය ප්‍රකාශක. ඇයි ඉතින් UNP යට ඕන දේ නෙ කියන්නෙ.

කොහෙවත් යන බොරු චෝදනාවක් දාලා මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් පළි ගන්න ඕන වුණාම අර දේශපාලනයට සම්බන්ධ නැති කෙනාව හරි හිරේ දාලා දැන් හුසේන් කුමාරයට පෙන්නන්න ඕන. හැබැයි ඉතින් හෙට අනිද්ද මාවත් දායි." යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අදහස් දැක්වුවේ ය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

යෝෂිතගෙන් පසු යසාරාත් අත්අඩංගුවට?

යෝෂිතට වැඩ වරදියි? - විශේෂ නිවේදනය මෙන්න

යෝෂිතගේ දුරකථනය සොයන්න උපදෙස්

Rate this item
(0 votes)
Last modified on Tuesday, 09 February 2016 13:17