May 17, 2024

මහින්දව දේශපාලනයෙන් විශ්‍රාම යවන්නැයි ඉල්ලීමක්! - නාමල්ගෙන් අපූරු පිළිතුරක්

November 02, 2015

තමා හිරේ දැම්මත් සිය පියා වන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම නොයන බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනපති දේශපාලනයෙන් විශ්‍රාම ගියේ නැත්නම් මොනවට හෝ හිරේ දැමිය හැකි බව ඇතැම් පුද්ගලයින් තමන්ට පවසා ඇති බව ද මන්ත්‍රීවරයා පැවසී ය.

ජාතික පුවත්පතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත. එහිදී මහින්ද රාජපක්ෂ දැන්වත් දේශපාලනයෙන් විශ්‍රාම ගියොත් හොඳ නැද්ද? යන්න ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ “ ඔව්. සමහර මහත්වරු මට කතාකරලා කියනවා. තාත්තා විශ්‍රාම ගියේ නැත්නම් මොන මොනවට හරි උඹලා ඔක්කොම හිරේ දායි කියලා. ඉතින් ඒ සර්ලටත් මම කියන්නේ ඒ නායකයන්ටත් මම කියන්නේ මාව හිරේ දැම්මත් තාත්තා නම් දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ නෑ කියලයි“

 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 03 November 2015 13:49