May 04, 2024

නව රේඩියල් ටයර් කර්මාන්තශාලාවක්

උසස් තත්ත්වයේ රේඩියල් ටයර් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්ත ශාලාවක් විවෘත කිරීමට රුපියල් මිලියන 600 ක දැවැන්ත ආයෝජනයක් සිදුකර ඇතැයි සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම පවසයි.  

මෙම නව කර්මාන්ත ශාලාව කැලණියේ පිහිටි සියැට් කැලණි නිෂ්පාදන සංකීර්ණය සමග ඒකාබද්ධ වන ලෙස පිහිටුවා ඇති අතර මේ තුළින් දේශීය හා අපනයන වෙළෙඳපොළ සඳහා අවශ්‍ය සියැට් සන්නාමය සහිත ටයර් නිෂ්පාදනය පහසුවෙන් වර්ධනය කිරීමට අවස්ථාව ඇති බව එම සමාගම සඳහන් කරයි. 

2014 අපේ‍්‍රල් මාසයේ සිට මෙම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කළ පසුව සියැට් කැලණි සමාගමේ රේඩියල් ටයර් නිපදවීමේ ධාරිතාවය මසකට ටයර් 23,000 ක සිට ටයර් 39,000 ක් දක්වා සියයට 70‍කින් ඉහළ යනු ඇත.  

ශ‍්‍රී ලංකාවේ ටයර් අවශ්‍යතාවයෙන් අඩක්ම නිපදවන්නේ සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගමයි. 

 

Rate this item
(0 votes)