May 04, 2024

"හෙළ විරු රස උදානය - 2014" නුවරඑළියේදී

ශ්‍රී ලංකා යුද හමුදාවේ විවිධ පළාත්වල සිටින වෘත්තීය සූපවේදීන් සහභාගි කරවාගෙන මෙරටට අනන්‍ය වූ ආහාර වේලක රස බැලීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන ලද "හෙළ විරු රස උදානය - 2014" වැඩසටහන 15 වැනිදා සිට 22 වැනි දා දක්වා නුවරඑළිය නාගරික සංවර්ධන කාර්යාලය ඉදිරිපිට ක්‍රීඩාංගණයේදී පැවැත්වේ .

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අපගේම අනන්‍යතාවට අනුව ශ්‍රී ලාංකිය ජාතිය ගොඩනැගීමේ වැඩපිළිවෙළ යටතේ හා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යුද හමුදා සාමාජිකයන් තුළ වූ විවිධ සැඟවුණ කුසලතාව එළිදැක්විමේ වැඩපිළිවෙළ යටතේ මෙය පැවැත්වේ. 

දිවයිනේ විවිධ ප්‍රදේශවලට ආවේණික වූ සාම්ප්‍රදායික ආහාර වර්ග පිළිබඳව වත්මන් සමාජය දැනුවත් කිරීම හා එකි ආහාර වර්ග වත්මන් සමාජයට හඳුන්වාදීමේ අදහස පෙරදැරිකරගෙන සෑම පළාත්වලටම ගොස් කරන ලද පූර්ව ගවේශණයකින් පසුව ඒ ඒ ප්‍රදේශවලට ආවේණික ආහාරපානවල රස හා ගුණාත්මකභාවය රැකෙන අයුරින් යුද හමුදාවේ විවිධ රෙජිමේන්තුවල සිටින දක්ෂ සූපවේදීන් සහභාගී කරවාගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

Rate this item
(0 votes)