April 26, 2024

රුපියල තවත් බාල්දුයි! අද ඩොලරය රුපියල් 325 පනී

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දිනයේ නිකුත් කළ විනිමය අනුපාත මිල අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 321.49ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

ඩොලරයක ගැණුම් මිල ලෙස සටහන් වූයේ රුපියල් 310.88ක් ලෙසයි.

නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු ඩොලරයේ අගය අද (8) දිනයේ රුපියල් 325 ක් දක්වා ඉහළ දමා තිබුණා.

සම්පත් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව ඩොලරයේ අගය රුපියල් 325 ක් ලෙස ද, මහජන බැංකුව රුපියල් 324.99 ක්, ලංකා බැංකුව සහ සෙලාන් බැංකුව රුපියල් 323 ක් ලෙස ද ඩොලරයේ අගය ප්‍රදර්ශනය කර තිබුණා.

Rate this item
(0 votes)