May 02, 2024

ICTA වෙතින් තරුණ තරුණියන්ට ඩිජිටල් තාක්ෂණ පුහුණු වැඩසටහන් මාලාවක්

February 22, 2022

තොරතුර හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ වැඩි රැකියා අවස්ථා තරුණ තරුණියන්ට ලබාදීම ඉලක්ක කරගනිමින් Lighting Digital Youth Boot Camp නමින් නව වැඩපිළිවලක් ආරම්භ කර තිබේ.

ජාතික තරුණ සේවා සභාව සමඟ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එක්ව මෙය ක්‍රියාවට නංවයි. මෙම ඒකාබද්ධ වැඩසටහන මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයට තරුණ තරුණියන්  ඉක්මනින්ම යොමුකරගැනීමට සැලසුම් කර ඇත.

එමඟින් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන පරිදි සංවිධානය කෙරෙන පුහුණු කදවුරු 170 වකින් තරුණ තරුණියන් 34,000 කට මෙම අංශයේ රැකියා සදහා ඍජු අවස්ථා ලබාගැනීමට හැකිවේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති ඕෂද සේනානායක සහ ජාතික තරුණසේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ අතර ඒ සදහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම පසුගියදා  මහරගම ජාතික තරුණ සේවා මධ්‍යස්ථානයේදී සිදුකෙරිණ. මෙම අවස්ථාවට, යෞවන හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය සහ ඩිජිටල් තාක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද එක්විය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ කුසලතා සංවර්ධන අධ්‍යක්ෂ සමීර ජයවර්ධන මහතා මෙම වැඩසටහන පිළිබද පැහැදිලි කරමින්,

 “Lighting Digital Youth Boot Camp“ ආරම්භක තරුණ කඳවුරු මගින්  තරුණ තරුණියන්ට  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළපෙලේ වෘත්තිකයන් විසින් සැලසුම් සහගතව සම්පාදනය කළ, කඩිනම් ඉලක්කගත වැඩසටහන් මාලාවක් මගින් අවශ්‍ය කුසලතා වර්ධනය කරගැනීමට අවස්ථාවඋදාවනු ඇත. මෙම වැඩසටහන කණ්ඩායම් තුනකින් ක්‍රියාත්මක කෙරේ.

පළමු කණ්ඩායම යටතේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ජාතික වෘත්තීය සහතික( NVQ) පාඨමාලාවක් සදහා සුදුසුකම්ලත් හෝ දැනට එවැනි පාඨමාලා හදාරන කණ්ඩායම් සදහා වන අතර දෙවැන්න විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින්  හා NVQ5 මට්ටමේ පිරිස් සදහා ඉලක්ක කෙරේ. ඊට වැඩි සුදුසුකම් ඇති තුන්වන කණ්ඩායම්  සදහා ශ්‍රී ලංකා පරිඝනක සංගමය (CSSL), බ්‍රිතාන්‍ය පරිගණක සංගමය ( BCS),  ,FITIS)  සහ SLAASCOM ඇතුළු සියලුම ප්‍රමුඛ පෙළේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත සංගම්වල සහභාගීත්වයෙන් ඉලක්කගත පුහුණු සැසි රැසක් සංවිධානය කරනු ඇති. එමගින් මෙම ක්ෂේත්‍රයේ වඩාත් ප්‍රතිලාභදායක වෘත්තියක් කරා යොමුවීමට ඔවුන්ට  අවස්තාව උදාවනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ යෞවන හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය සහ ඩිජිටල් තාක්‍ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ,

“අපට තාක්‍ෂණය තුළින් ගෝලීය වෙළඳපොළට ළඟා වීමටනම්   තාක්ෂණ  ව්‍යවසායකත්වයට උපරිම  සහයෝගයක් ලබාදීමෙන්   එම අංශය වැඩි දියුණු කළ යුතුයි.  එමඟින් ශ්‍රී ලංකාව පුරා සිටින තරුණ තරුණියන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අපට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය  සමඟ එක්ව දියත් කෙරෙන මෙම  bootcamp සංකල්පය තුලින් තරුණයින්ට තාක්ෂණික සමාගම්වල දැනුම සහ රැකියා අවස්ථා ලබා ගැනීමට හැකි වන්නේ එහිදීය. මෙය ගෝලීය වසංගතය තුළ පවා වර්ධනය වූ කර්මාන්තයක් වන බැවින්,ඒ අරමුණ  ශ්‍රී ලංකාව තුල  සාක්ෂාත් කර ගැනීමට අපට අවශ්‍ය දැනුම  සහ හැකියාව ඇත. මෙම Youth Bootcamps සංකල්පය ඉදිරිපත් කිරීම සහ ජාතික තරුණ සේවා සභාව සමඟ සම්බන්ධ වීම පිළිබඳව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ  නියෝජිතායතනයට  අපි කෘතඥ වෙනවා. එමෙන්ම තරුණයින්ට  මෙම රැකියා අවස්ථා සමඟ නව මාවතක් නිර්මාණය වන අතර, ඉන්  උපරිම ප්‍රයෝජන ගෙන ඒවා ඊළඟ මට්ටමට ගෙන යන ලෙස මම ඔවුන්ගෙන්  නැවත ඉල්ලා සිටිනවා.''

Rate this item
(0 votes)