May 03, 2024

මහජන බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් ඉත්තෑපානට

February 11, 2022

ඉත්තෑපාන ප‍්‍රදේශයේ ජනතාවට අති නවීන ඩිජිටල් බැංකුකරණ සේවාවන් පිරිනැමීමේ අරමුණින් මහජන බැංකුවේ සේවා මධ්‍යස්ථානයක් ඉත්තෑපාන නගරයේදී පසුගියදා විවෘත කෙරිණි.

මෙය ඉත්තෑපාන නගරයේ විවෘත කෙරුණු ප‍්‍රථම බැංකු හා මූල්‍ය ආයතනය වීම විශේෂත්වයකි.

මෙහි මහජන බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයක් ද:්ඔඵ* ස්ථාපිත කර අතර, මේ තුළින් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මුදල් ලබාගැනීමේ පහසුකම හිමිවේ.

මෙම අවස්ථාවට සියම් නිකායේ කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මහා නායක, ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර ස්වාමින් වහන්සේ, මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ, ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු, වලල්ලාවිට ප‍්‍රාදේශිය සභාවේ සභාපති උදේනි අතුකෝරල ඇතුඵ ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රිවරුන්, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකාරණ) මහින්ද පේ‍්‍රමනාත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) කි‍්‍රෂානි නාරංගොඩ, සහකාර සාමාන්‍යාධිකාරිනි (ශාඛා කළමනාකරණ) ගංගා සේනානායක, අලෙවි ප‍්‍රධානී නාලක විජයවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරි (අවදානම් කළමනාකරණ සහ ණය පාලන) අනුර පෙරේරා, කොළඹ දකුණ ප‍්‍රාදේශීය කළමනාකාර මාධව කනංක හේවගේ, කලුතර ප‍්‍රාදේශීය කළමනාකාරිනි ඩබ්ලිව්.ඞී.පී.ඞී බුද්ධිකා, සහකාර ප‍්‍රාදේශිය කළමනාකාරිනියන් වන ඒ.එච් එස් පෙරේරා, කේ.එස්.සී රෝහිණි. ලක්මිණි වනිගරත්න, අලූත්ගම ශාඛා කළමනාකාර සමීර රූපසිරි, ඉත්තෑපාන සේවා මධ්‍යස්ථාන කළමනාකාර ලක්මාල් පේ‍්‍රමවංශ යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

දිවයින පුරා පිහිටි ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 741 කින් සමන්විත මහජන බැංකුව මිලියන 14කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් දිවයිනේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වේ.

Rate this item
(0 votes)