May 02, 2024

BCI සරසවියෙන් දැරිය හැකි මුදලකට උපාධි පාඨමාලා

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසන් සභාවේ පූර්ණ අනුමැතිය ලත් උපාධි පාඨමාලා රාශියක් දැරිය හැකි මුදලකට BCI සරසවිය විසින් හඳුන්වා දී ඇත. 
ඒ අතර ව්‍යාපාර කළමනාකරණය, තොරතුරු තාක්ෂණය, අධ්‍යාපනවේදී උපාධිය (පූර්ව ළමාවිය සංවර්ධනය හා ප‍්‍රාථමික අධ්‍යාපනය ආදී පාඨමාලාවන්ට අමතරව නුදුරේදීම සංගීතය, කෘෂිකර්මය ආදී විෂයන්ට අදාළ උපාධි පාඨමාලාවන්ද හඳුන්වාදීමට නියමිතව ඇත. 
 
අක්කර 25 ක භූමියක විසිරී පැතිරී ඇති BCI සරසවිය නූතන තරඟාකාරී ලෝකය හමුවේ හැල්මේ දුවන තවත් උපාධිධාරියකු නොවී රටට ලොවට වැඩදායී විනයගරුක සිසුන් බිහිකරන තෝතැන්නක් ලෙස BCI සරසවිය මෙරට උසස් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ නිම්වළලූ පුළුල් කරන්නට සමත් වී ඇත. නිදහසේ අධ්‍යාපනයේ නියැලෙන්නටත් යුතු අයුතුකම් හැඳින ගන්නටත්, තරඟකාරී වෙළඳපොල ඉලක්ක වෙත සුදුසුකම් සහිත පිරිසක් නිර්මාණය කිරීමේ මෙම දැවැන්ත කර්තව්‍යයට උර දී සිටින අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් BCI සරසවියේ කුලපති ලෙසත් කූවින්ටස් ප‍්‍රනාන්දු පියතුමන් උපකුලපති ලෙසත් සිය මෙහෙවර සිදුකරමින් සිටින්නෝය. 
 
මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල සුදුසුකම් ලත් ආචාර්ය, මහාචාර්ය හා කතිකාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් දේශක මඩුල්ලක් විසින් දේශන සියල්ලක්ම මෙහෙයවන අතර, න්‍යායාත්මක හා ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් අත්හදා බැලීම් සඳහා නවීන විද්‍යාගාර, පන්තිකාමර හා ශ‍්‍රවණාගාර, සිසු නේවාසිකාගාර මෙන්ම සිසු සිසුවියන් හට රැකියා අවස්ථා හදුනා ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් හා රැකියා පුහුණුව ලැබීම සදහා අවශ්‍ය ආයතනික පුහුණුව වෙනුවෙන් සීමාවාසික පුහුණු අවස්ථාවන් රැසක් BCI සරසවිය විසින් සිසු දරුවන් වෙත තිළිණ කරනු ලබයි. 
ගෝලීයකරණය වූ මේ යුගයට උචිත අධ්‍යාපනයෙන් හා ගුණධර්මයන්ගෙන් පිරිපුන් පුරවැසියෙකු ලොවට දායාද කිරීමට BCI සරසවිය සූදානම්. 
Rate this item
(0 votes)
Last modified on Thursday, 06 January 2022 10:27