April 27, 2024

ඉසූසූ අමතර කොටස් සපයන සතොස මෝටර්ස් 9 වැනි ශාඛාව මහනුවරට

December 09, 2021

ඉසූසූ වෙළෙඳ සන්නාමය යටතේ ඕනෑම වර්ගයක වාහනයකට අවශ්‍ය නියම අමතර කොටස් සාධාරණ මිලකට ලබා ගත හැකි සතොස මෝටර්ස් පීඑල්සී මහනුවර ශාඛාව මහනුවර, කටුගස්තොට පාර, අංක 264 දරණ ස්ථානයේදී නොවැම්බර් මස 26 වැනිදා පෙරවරු 9.50ට එළැඹුණු සුබ මොහොතින්  විවෘත කෙරිණි.  සතොස මෝටර්ස් පීඑල්සී විසින් මහනුවර කේන්ද්‍ර කරමින් විවෘත කරනු ලැබුවේ ඉසූසූ අමතර කොටස් අලෙවි කිරීමේ සිය 9 වැනි මධ්‍යස්ථාන ශාඛාවය.

සතොස මෝටර්ස් පීඑල්සී විධායක අධ්‍යක්ෂ ප්‍රියන්ත පෙරේරා, වෙළෙඳ සාමාන්‍යධිකාරී ඩර්ක් ජෝෂුවා, අමතර කොටස් ප්‍රධානී දමින්ද අනුරංග, අලෙවි හා වෙළෙඳ කළමනාකරු ලසිත විජයකුමාර් මහත්වරුන් ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වූ  මේ අවස්ථාවට මහනුවර නගරයේ ව්‍යාපාරික මහත්වරු ද ආරාධිතයන් ලෙස එක් වුහ.

ඉසූසූ රථවාහන, අමතර කොටස් අලෙවිය සහ සියලුම සේවා පහසුකම් සපයනු ලබන සතොස මෝටර්ස් පීඑල්සී ඉදිරියේදී බදුල්ල නගරය කේන්ද්‍ර කරමින් සිය නවතම ඉසූසූ අමතර කොටස් අලෙවි ශාඛාව විවෘත කිරීමට සැලසුම් කර ඇත.

Rate this item
(0 votes)