April 27, 2024

මහජන බැංකුවේ ATM යන්ත‍්‍රයක් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට

November 19, 2021

මහජන බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයක් (ATM) ශී‍්‍ර ලංකා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා පරිශ‍්‍රයේදී පසුගියදා විවෘත කෙරිණි.

මේ තුළින් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මුදල් ලබාගැනීමේ පහසුකම හිමිවේ.

මෙම අවස්ථාවට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, වැඩබලන ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි කේ.බී රාජපක්ෂ, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ ලේකම් ආචාර්ය පි‍්‍රයන්ත පේ‍්‍රමකුමාර, මූල්‍ය ප‍්‍රධානී ආර්.ඒ.වී රණවීර, නියෝජ්‍ය ලේකම් රසික කරුණාරත්න, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (එතෙර ගනුදෙනු සේවා) රොහාන් පතිරගේ යන මහත්වරුන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු, කි‍්‍රයාවලි කළමනාකරණ හා තත්ව ආරක්ෂණ/ රේණුකා ජයසිංහ මහත්මිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද පේ‍්‍රමනාත්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (බැංකු සහාය සේවා) ලලිත් විතාන යන මහත්වරුන් ඇතු`ඵ බැංකු නිලධාරින් සහභාගි වූහ.

Rate this item
(0 votes)