December 03, 2021

හයිසන්ස් සහ හයර් සමාගම් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලා හදන්න යයි

November 20, 2021

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා සහෝදරත්ව නගර සබඳතා ඇති කර ගැනීම සඳහා වන අභිප්‍රාය ලිපියේ අත්සන් තැබීම දැක බලා ගැනීමට ච්‍යුයින්තාඕ වෙත පැමිණි අවස්ථාවේදී සංචාරයක් සඳහා හයිසන්ස් සහ හයර් ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගම්වල ප්‍රධාන කාර්යාල වෙත පැමිණීමට ආරාධනා කෙරිණි.

හයිසන්ස් යනු සුදු පැහැති ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ගෘහ උපකරණ නිෂ්පාදනයේ ගෝලීය දැවැන්තයෙකු වන අතර සිය නිෂ්පාදන සඳහා අධික ඉල්ලුමක් ඇති සේවාදායකයින් විශාල පිරිසකගේ ඉහළ අපේක්ෂාවන් සපුරාලීම සඳහා කෘතිම බුද්ධිය වැඩි වශයෙන් භාවිතා කරයි.

එසේ ම හයිසන්ස් සමාගම විසින් 100,000 කට අධික උපකරණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ අලෙවි කර ඇත.

දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා පමණක් නොව කලාපීය වෙළඳපලට ද සරිලන නිෂ්පාදන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට සලකා බලන ලෙස තානාපති ආචාර්ය කොහොන මහතා විසින් හයිසන්ස් සමාගම වෙත ඉදිරිපත් කරන ලද යෝජනාව ඔවුන් විසින් පිළිගෙන තිබේ.

හයර් ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන කාර්යාලය වෙත තානාපති කොහොන මහතාගේ සංචාරය මෙන් ම ප්‍රදර්ශනාගාර පහසුකම් නැරඹීම සඳහා අවස්ථාව ලැබීමෙන් එම නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ ව්‍යාපාරයට කෙතරම් දායකත්වයක් ලබා දී තිබේද යන්න අවබෝධ කර ගැනීමට ඔහුට හැකි විය.

යුනිසෙෆ් ආයතනයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව වෙත නැව්ගත කරන ලද විශේෂ උපකරණයක් මෙම සමාගම යටතේ නිර්මාණය කර ඇති අතර සෙල්සියස් අංශක -80 යටතේ වූ විශේෂිත එන්නත් වර්ගයක් ගබඩා කිරීම සඳහා මෙම උපකරණය භාවිත කිරීමට හැකියාව ලැබේ.

හයර් ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගම ලංකා පෞද්ගලික රෝහල, JKU පෞද්ගලික රෝහල සහ පළාත් රෝහල් සමඟ සබඳතා පවත්වනු ලැබූ අතර යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය එහි විශාලතම වෙළඳපලවල් විය.

Rate this item
(0 votes)
Last modified on Friday, 19 November 2021 21:46

2022 අයවැය දෙවනවර කියවිමේ පාර්ලිමේන්තු විවාදය