April 26, 2024

ප්‍රංශයේ සිට වසර 06 කට පසු මගීන් රැගත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළට

November 01, 2021

වසර 06 කට පමණ පෙර ඇනහිට තිබූ ප්‍රංශය සමග ගුවන් ගමන් යළි ක්‍රියාත්මක කරමින් , ගුවන් මගීන් 200ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද (01) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

1980 වසරේ ආරම්භ වූ ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවාව 2015 වසරේ දී ඇනහිට තිබුණි.

මෙම දෙරට අතර ඍජු ගුවන් ගමන් සේවාව යළිත් ආරම්භ කරමින් , අද (01) අලුයම 04.50ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 564 දරන ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර චාල්ස් ඩිගෝල් ගුවන් තොටුපළේ සිට  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම ගුවන් යානයෙන් පැමිණි ගුවන් මගියෙකු වූ මීගමුව , කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි ඩිල්ශාන් සමන්ත මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය.

"මම ප්‍රංශයේ පැරිස් නුවර වසර 08 ක කාළයක් ජීවත් වෙනවා. එහි සෞඛ්‍ය , අධ්‍යාපනය වැනි දේවල් ඉතා උසස් අන්දමින් පවත්වා ගෙන යනවා. ප්‍රංශය ඉතාම අනර්ඝ රටක්. පැරිස් නුවර සිංහල ජාතිකයන් 10,000 ක් පමණ ජීවත් වෙනවා. එහි ද්‍රවිඩ ජාතිකයන් ලක්ෂ 10 ක් පමණ ජීවත් වෙනවා. ප්‍රංශ රජය මෙම ශ්‍රී ලාංකිකයන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් ගොඩක් දේවල් සිදු කරනවා. මෙසේ ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර යළිත් ඍජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීම ඉතාම හොද වැඩක්. හොද ව්‍යාපෘතියක්. මෙම ගුවන් යානය තුළ වැඩිපුර ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැමිණියා. මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවය එහි පැමිණි ගුවන් මගීන්ට ඉතා හොදින් සංග්‍රහ සත්කාර කළා." යැයි ද පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මින්පසුව සතියකට දින 03 ක් බදාදා , සිකුරාදා සහ ඉරිදා දින වල  ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කරනු ලබයි.

 

Rate this item
(0 votes)