May 05, 2024

රජය අලුත් සල්ලි එළියට දැම්මේ මෙච්චරයි

September 09, 2021

රජය මුදල් අච්චු ගැසීම ගැසීම ගැන විවිධ මතවාද දේශපාලන කරළියේ සිදුවුණා.

ඇත්තටම මුදල් අච්ච් ගැසීම නැත්නම් නව නෝට්ටු, කාසි සංසරණයට එක් කිරීම කොපමණ ප්‍රමාණයක් සිදු කර තිබෙනවාද යන්න අප සොයා බැලුවා.

ඒ අනුව මහ බැංකුවේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව මගින් පසුගිය වසරේ දී රුපියල් බිලියන 229.5 ක් වටිනා නව නෝට්ටු ද, කාසි රුපියල් බිලියන 0.7ක් ද සංසරණයට එක්කර තිබුණා.   

වර්ෂ 2016 දී රුපියල් බිලියන 138.4ක් ද, 2017 දී රුපියල් බිලියන 123.3ක් ද, 2018 දී රුපියල් බිලියන 328.4ක් ද, 2019 දී රුපියල් බිලියන 248.7ක් ද වටිනා නව නෝට්ටු සංසරණයට එක් කර තිබෙනවා.   

2016 දී කාසි රුපියල් බිලියන 1.6ක් ද, 2017 දී රුපියල් බිලියන 1.4ක් ද, 2018 දී රුපියල් බිලියන 1.1ක් ද, 2019 දී රුපියල් බිලියන 1.0ක් ද සංසරණයට එකතු කර තිබෙනවා. 

Rate this item
(0 votes)