May 03, 2024

කොමර්ෂල් බැංකුවෙන් ‘Call & Convert’ වාරික සැලසුම් හඳුන්වා දෙයි

September 06, 2021

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට රුපියල් 10,000 ක් හෝ එයට වැඩි මුදල් ප‍්‍රමාණයක් පහසු ගෙවීමේ සැලසුම් වලට පරිවර්තනය කරමින් අධ්‍යාපනය, සෞඛ්‍යය හෝ රක්ෂණය හා සම්බන්ධ නිෂ්පාදන සහ සේවාවන්ට මෙන්ම අන්තර්ජාල මිලදී ගැනීම් සඳහා ගෙවීමේ හැකියාව ලබාදෙන ‘Call and Convert’ පහසුකමක් බැංකුව විසින් හඳුන්වා දී ඇත.

මෙවැනි මිලදීගැනීමක් සිදුකර දින හතක් ඇතුළත 011 2 353 353 දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන ගනුදෙනුකරුවන්ට මෙම ‘Call and Convert’ පහසුකම ලබාදෙන බව බැංකුව සඳහන් කරයි. මේ වසර අවසන් වනතෙක් සියළුම කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් මෙම පහසුකම ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන බවද සඳහන් වේ.

මෙහිදී, ක්‍රෙඩිට් කාඞ් පතක් මගින් සිදුකරන රුපියල් 25,000 කට වඩා වැඩි සෞඛ්‍ය වියදම්, රුපියල් 20,000 කට වඩා වැඩි අධ්‍යාපන වියදම්, රුපියල් 10,000 කට වඩා වැඩි තෝරාගත් අන්තර්ජාල ගෙවීම් කිසිදු අමතර ගාස්තුවකින් තොරව මාස හයක පහසු ගෙවීමේ සැලසුමක් බවට පරිවර්තනය කළ හැකිවේ. එසේම, රුපියල් 20,000 කට වඩා වැඩි රක්ෂණ වාරික ගෙවීමක් නාමික ගාස්තුවකට යටත්ව මාස හයක වාරික සැලසුමකට මෙහිදී පරිවර්තනය කළ හැකිබව බැංකුව සඳහන් කරයි. මෙම Call and Convert පහසුකමේ යාවත්කාලීන කළ විකල්ප සහ කොන්දේසි බැංකුවේ www.combank.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිබව කොමර්ෂල් බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් මගින් චාරිකා, සෞඛ්‍ය සේවා, සුපිරි වෙළෙඳසැල්, සංචාරක සේවා, ලයිෆ්ස්ටයිල් නිෂ්පාදන, රක්ෂණ සේවා, රථවාහන, අවන්හල් සේවා සහ අන්තර්ජාල මිලදීගැනීම් ආවරණය වන පුළුල් පරාසයක විහිදුණු ප‍්‍රවර්ධනයන් වසර පුරා  සිදුකරයි. බැංකුවේ මැක්ස් ලෝයල්ටි රිවෝර්ඞ්ස් වැඩසටහන යටතේ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් යන දෙපාර්ශවයටම ලෝයල්ටි ප‍්‍රතිලාභ ලබාදුන් මෙරට පළමු බැංකුව කොමර්ෂල් බැංකුවයි. මීට පෙර සාම්ප‍්‍රදායික වශයෙන් ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා පමණක් ලබාදුන්  ප‍්‍රවර්ධන වට්ටම් ඩෙබිට් කාඞ්පත් සඳහාද ලබාදුන් පුරෝගාමී බැංකුවක් ලෙසද කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.

පරිසරයට කාබන් මුදාහැරීම සම්පූර්ණයෙන්ම තුලනය කළ ශ‍්‍රී ලංකාවේ එකම බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 September 2021 20:19