June 01, 2024

DFCC බැංකුව JAT Holdings සමඟ කාඩ්පත් හිමියන්ට විශේෂ දීමනා ලබාදීම සඳහා හවුල්කාරීත්වයකට අත්සන් තබයි

September 02, 2021

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන DFCC බැංකුව පසුගියදා JAT Holdings සමාගම සමග විශේෂ හවුල්කාරීත්වයකට අත්සන් තැබී ය. මේ යටතේ DFCC බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට, JAT Holdings විසින් මෙරට වෙළඳපොළට හඳුන්වා දී ඇති ඉහළම තලයේ භාණ්ඩ එකතුවක් සඳහා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම සහ දීමනා හිමිවනු ඇත.

මෙම හවුල්කාරීත්වය යටතේ, JAT Holdings වෙතින් මිලදී ගන්නා Herman Miller කාර්යාලයීය පුටු, මේස සහ වෙනත් භාණ්ඩ සහ, SEA German Kitchens නිෂ්පාදන සඳහා මාස 12 ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම ලබාගත හැකි වේ. එමෙන්ම 2021 සැප්තැම්බර් 30 දින දක්වා ලබාගන්නා නව DFCC ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා සාමාජික ගාස්තු සහ ප්‍රථම වර්ෂය සඳහා අදාළ වාර්ෂික ගාස්තු අය නොකිරීමටද DFCC බැංකුව තීරණය කර ඇත. එපමණක් නොව JAT Holdings නිෂ්පාදන ඇතුළුව ඕනෑම නිෂ්පාදනයක් DFCC ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් මිලදී ගැනීමේදී 1% ක Cashback දීමනාවක් ලබාදීමටද DFCC බැංකුව කටයුතු යොදා තිබේ.

Herman Miller පුටු නිපදවා ඇත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුකූලව, නවීන රාජකාරි පරිසරයන්ට ගැළපෙන ආකාරයට ය. එම නිසා Herman Miller පුටු භාවිතා කිරීමේදී උපරිම පහසුවක් මෙන්ම, ඔක්සිජන් සංසරණය පහසු වීම සහ ඉරියව් මනා ලෙස පවත්වාගෙන යෑම වැනි සෞඛ්‍ය ආරක්‍ෂිත ප්‍රතිලාභද මේ සමඟ හිමි වේ. විවිධ ප්‍රමාණයන්, ක්‍රියාකාරීත්වයන් සහ වර්ණයන්ගෙන් ලබාගත හැකි Herman Miller කාර්යාලයීය පුටු, කාර්යාල සඳහා මෙන්ම නිවෙස් වල සිට රාජකාරි කිරීම සඳහාද මැනැවින් ගැළපේ.

සුප්‍රකට ජර්මානු සන්නාමයක් වන SEA හි නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම සඳහා බලය හිමි එකම නියෝජිතයන් වන්නේ JAT Holdings සමාගමයි. සුඛෝපභෝගී ජීවන රටාවකට ගැළපෙන විශිෂ්ටතම ප්‍රමිතියෙන් යුත්, කල්පවතින, නවීනතම මුළුතැන්ගේ කට්ටල සහ අල්මාරි ඇතුළු භාණ්ඩ පෙළක් SEA විසින් වෙළඳපොළට හඳුන්වා දී ඇත.

DFCC බැංකුව සහ JAT Holdings අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වයේ මූලික අරමුණ වන්නේ Herman Miller සහ SEA German Kitchens නිෂ්පාදන වැනි ඉහළම තලයේ නිෂ්පාදන මිලදී ගැනීමේදී පාරිභෝගිකයන්ට මුහුණ දීමට සිදුවිය හැකි මූල්‍යමය බාධක අවම කිරීම ය. මෙම හවුල්කාරීත්වය යටතේ හඳුන්වා දී ඇති පහසු ගෙවීමේ ක්‍රම නිසා පාරිභෝගිකයන්ට තම ජීවන තත්ත්වය උසස් කරගැනීමට වැදගත් වන විශිෂ්ට තලයේ භාණ්ඩ පෙළක් සහනදායී ලෙස මිලදී ගැනීමට සුවිශේෂී අවස්ථාවක් හිමි වේ.

තලවතුගොඩ සහ One Galle Face සාප්පු සංකීර්ණයේ පිහිටි JAT Experience ප්‍රදර්ශනාගාර වෙත පැමිණ මිලදීගැනීම් සිදුකරන DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට මෙම දීමනා හිමිකරගැනීමට හැකිවනු ඇත.

“DFCC ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට තම ජීවන තත්ත්වය උසස් කරන භාණ්ඩ පෙළක් මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීම සඳහා, මේ ආකාරයට JAT Holdings සමාගම සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම අපට මහත් සතුටක්. අප සෑම විටම උත්සාහ කරන්නේ පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කරන අතරම ඔවුන් මුහුණ දෙන මූල්‍යමය ගැටලු අවම කරමින්, ඔවුන්ට සහනදායී ක්‍රම යටතේ භාණ්ඩ හා සේවාවන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමටයි. මෙම හවුල්කාරීත්වය යටතේ හඳුන්වා දී ඇති පහසු ගෙවීමේ ක්‍රම සහ Cashback දීමනාව, නිර්මාණශීලී ක්‍රම ඔස්සේ ගනුදෙනුකරුවන්ට බෙහෙවින් වැදගත් වන විසඳුම් හා දීමනා හඳුන්වා දීමට අප දරන නිරන්තරයට උත්සාහයට මනා සාක්ෂියක් ලෙස හැඳින්වීමට පුළුවන්.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා පැවසී ය.

තමන් සමග එක්වී සිටින සියලුම පාර්ශ්වයන් වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කරන හවුල්කාරීත්වයන්ට එළඹීම සඳහා DFCC බැංකුව සෑම විටම උත්සාහ ගනී. JAT Holdings සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය එම උත්සාහයේ තවත් වැදගත් ඉදිරි පියවරකි.

DFCC බැංකුව පිළිබඳව

DFCC බැංකුව වසර 65 ක ප්‍රෞඪ උරුමයක් හිමි, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පරිපූර්ණ වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. එම බැංකුවට 2021 වසරේදී එක්සත් රාජධානියේ Global Brands Magazine වෙතින් ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසය දිනූ පාරිභෝගික බැංකුකරණ සේවා සන්නාමය’ සහ ‘ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා බැංකුකරණ සන්නාමය’ යන සම්මාන හිමි විය. එමෙන්ම Business Today සඟරාව මගින් DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 30 අතරට නම්කර ඇත. තවද එම බැංකුව ICRA Lanka සමාගම වෙතින් [SL] AA- ස්ථාවර’ ශ්‍රේණිය සහ Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A+ (lka)  ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.

Rate this item
(0 votes)