April 27, 2024

Amazon Prime Video ඩයලොග් ටෙලිවිෂන් වෙතින්

ඩයලොග් ටෙලිවිෂන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවටAmazon Prime Video සේවාව හඳුන්වාදීමට කටයුතු කළේය. මෙම සේවාව Amazon Prime Video තාක්ෂණයෙන් බලගැන්වූ නවතම ViU Hub 2.0 ඩිකෝඩරය සඳහා හඳුන්වාදී ඇතැයි එම සමාගම කියයි.

භාවිතයට පහසු interfaceඑකකින් සමන්විතAmazon Prime Video (APV) සේවාව හරහා ප්‍රේක්ෂකයන්ට නොනවතින රසවින්දනයක් ලබාදීම සඳහා සම්මානලාභී Amazon Originals ජනප්‍රිය හොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට, කතා මාලා, ළමා වැඩසටහන් සහ තවත් බොහෝ දේ ඇතුළත් අන්තර්ගතයන් ගෙන එයි. සෑම කෙනෙකුටම රසවිඳිය හැකි වැඩසටහන් රැසක් Amazon Prime Videoඔස්සේ ගෙන එන අතර, Amazon Prime Video සේවාවට ලියාපදිංචිවී සිටින පාරිභෝගිකයන්ට නවතම VIU HUB 2.0 ඩිකෝඩරය හරහා තමන් කැමති වැඩසටහන් රූපවාහිනිය ඔස්සේද නැරඹීමේ පහසුව ලබාදී ඇත.

ඩයලොග් ටෙලිවිෂන් ව්‍යාපාර අංශ ප්‍රධානී චිරන්ත ද සොයිසා මහතා මෙම හඳුන්වාදීම පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය.

“දැනුම, විනෝදය සමග උසස්ම රසවින්දනයක් සිය ප්‍රේක්ෂකයන්ට ලබාදීමට කටයුතු කරන ඩයලොග් ටෙලිවිෂන් අපගේ නවතම ViU Hub ඩිකෝඩරය හරහා Amazon Prime Video සේවාව මෙරටට ප්‍රථම වරට හඳුන්වාදීමට ලැබීම පිළිබඳව අතිශයින්ම සතුටට පත්වෙනවා. දිනෙන් දින වෙනස් වන අපගේ පාරිභෝගිකයන්ගේ රසවින්දන අවශ්‍යතාවලට ගැලපෙන සේවා සැපයීමට ශ්‍රී ලංකාවේ අංක එකේ ටෙලිවිෂන් රසාස්වාදය ලෙස අප සැමවිටම කැපවෙන අතර, Amazon Prime Video වැනි on-demand streamingපහසුකම් හරහා මෙම කාලසීමාවේදී අපගේ පාරිභෝගිකයන්ට නිවසේම රැඳෙමින් ඔවුන් කැමතිම ලොව ජනප්‍රියතම වැඩසටහන් කැමති වෙලාවට නැරඹීමේ අවස්ථාව හිමිව තිබෙනවා.” 

Rate this item
(0 votes)
Last modified on Sunday, 29 August 2021 18:57