May 02, 2024

මහජන බැංකුවෙන් මහනුවර රෝහලට ජංගම අධි තාක්ෂණික ස්කෑනර් යන්ත්‍රයක්

මහජන බැංකුවේ 60 වැනි සාංවත්සරික සැමරුම් සමාජ සත්කාර වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙසින් මහජන බැංකු සේවක ප්‍රජාවගේ දායකත්වයෙන් කොවිඩ් 19 ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමේදි ප්‍රයෝජනවත් වන රුපියල් මිලියන 6 කට අධික වටිනාකමින් යුත් ජංගම අධි තාක්ෂණික ස්කෑනර් යන්ත්‍රයක් මහනුවර, ජාතික රෝහලට පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු, මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර යන මහත්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය, සැලසුම් අංශයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රසාද් ගුණසිංහ, ඖෂධවේදී බී.එම්.කේ.ඩී බණ්ඩාරනායක, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, මහනුවර ප්‍රාදේශීය කළමනාකාර බුද්ධික රණතුංගගේ, බදුල්ල ප්‍රාදේශීය කළමනාකාර මංජුල දිසානායක, මොණරාගල ප්‍රාදේශිය කළමනාකාර රොහාන් පෙරේරා යන මහත්වරුන් ඇතුළු සහකාර ප්‍රාදේශිය කළමනාකාර කළමනාකාරවරියන්, මහනුවර ශාඛා කළමනාකාර ජනක ජයසිංහ මහතා ඇතුළු ශාඛා කළමනාකාරවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

කොවිඩ් 19 වසංගත තත්වය පහව ගිය පසු මෙම යන්ත්‍රය වෙනත් රෝගින්ගේ ප්‍රයෝජන සඳහා භාවිතා කිරීමට අපේක්ෂිතය. මහජන බැංකුවේ 60 වැනි සාංවත්සරික සැමරුම් සමාජ සත්කාර වැඩසටහන් මාලාව යටතේ මීට පෙර කොළඹ, ජාතික රෝහලේ කොවිඩ් 19 අධි සත්කාර ඒකකයට මෙම ජංගම අධි තාක්ෂණික ස්කෑනර් යන්ත්‍රයක් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු කරන ලදි.

Rate this item
(0 votes)