May 02, 2024

සදාහරිත OUD GALLERIA වෙතින් සුවඳ විලවුන් ඇතුළු අගාවුඩ් නිෂ්පාදන

මෙරට ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන සදාහරිත වැවිලි සමාගම කොළඹ One Galle Faceහි ආරම්භ කරන ලද අගාවුඩ් නිෂ්පාදන ප්‍රදර්ශනාගාරය වන Oud Galleria වෙතින් ලොව අංක එකේ සුවඳ විලවුන් පෙළක් ඉදිරිපත් කරයි. ඒ අනුව ප්‍රංශයේ නිෂ්පාදිත ලොව විශිෂ්ටතම සුවඳ විලවුන් ඇතුළු අගාවුඩ් තෙල්වලින් නිෂ්පාදිත ලොව උසස්ම තත්ත්වයේ අධි සුඛෝපභෝගි සුවඳ විලවුන් රාශියක් Oud Galleria වෙතින් පිරිනමා ඇත.

අගාවුඩ් ශාකවලින් නිස්සාරණය කර ලබා ගන්නා අගාවුඩ් තෙල් ‘liquid gold‘ ලෙස ලොව පුරා ප්‍රචලිතව ඇති අතර, සදාහරිත Oud Galleria නිෂ්පාදනවල පදනම වන්නේද මේ අගාවුඩ් තෙල්ය. මෙරට අගාවුඩ් ලොව විශිෂ්ටතම Oud ප්‍රභවයක් ලෙස පිළිගැනෙන අතර, සදාහරිත සමාගමේ 20 වසරක විශ්වසනීය විශේෂඥතාව හා තාක්ෂණික ඥානය සමඟ නිස්සාරණය කෙරෙන අගාවුඩ් තෙල් සඳහා සුවිශේෂි වටිනාකමක් හිමිව තිබේ.

Rate this item
(0 votes)
Last modified on Friday, 20 August 2021 21:47