May 06, 2024

සෙලින්කෝ ලයිෆ් ‘සේලයිෆ් ඩිජිටල්’ ඇප් සේවාව

වර්තමාන සහ අනාගත ගනුදෙනුකරුවන්ට නව රක්ෂණ ඔප්පු මිලදී ගැනීමේ සහ වාරික මුදල් පියවීමේ අවස්ථාවද ඇතුළුව රක්ෂණ ආශ‍්‍රිත සේවාවන්වලට බාධාවකින් තොරව ප‍්‍රවේශය ඇඟිලි තුඩුවලටම දෙමින් ‘සේලයිෆ් ඩිජිටල්‘ ජංගම දුරකතන යෙදවුම (මොබයිල් ඇප්) සෙලින්කෝ ලයිෆ් සමාගම හඳුන්වා දී ඇත.

සේලයිෆ් ඩිජිටල් යෙදවුම ඩවුන්ලෝඩ් කර ඇන්ඩ්‍රොයිඩ්, IOS සහ හුවාවේ හාමනි OS යන දුරකතන මෙහෙයුම් පද්ධති මත භාවිත කළ හැක. ඉංග‍්‍රීසි භාෂාවෙන් දියත් කරන ලද මේ යෙදවුම භාෂා තුනෙන්ම භාවිත කළ හැකි පරිදි වැඩි දියුණු කිරීමට නියමිත අතර, එමඟින් පාරිභෝගිකයන්ට කැමති භාෂාවෙන් ප‍්‍රවේශ වීමට හැකි වන බව සමාගම පවසයි.

ගනුදෙනුකරුවන්ට ක්ෂණිකව සහ පැය 24 පුරාම පහසුකම් සැපයිය හැකි ලෙස මෙන්ම පාරිභෝගික නොවන අයට සොයා බැලිය හැකි ලෙසත් නිර්මාණය කර ඇති සේලයිෆ් ඩිජිටල් යෙදවුම හරහා ඔප්පු හිමියන්ට සෙලින්කෝ ලයිෆ් පාරිභෝගිකයන් ලෙස ලියාපදිංචි වීමේ හැකියාව, ඔවුන්ගේ ඔප්පුවල ක‍්‍රියාකාරිත්වය දැන ගැනීමේ හැකියාව, එක් එක් ඔප්පුවට අදාළ ප‍්‍රතිලාභ වෙන්ව දැන ගැනීමේ හැකියාව, ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පතක් භාවිතයෙන් ඔවුන්ගේ වාරික මුදල් ආරක්ෂිතව ගෙවීමේ හැකියාව, ගෙවීම් සොයා බැලීමේ සහ තහවුරු කිරීමේ හැකියාව මෙන්ම මාර්ගගතව (ඔන්ලයින්) ජීවිත, විශ‍්‍රාම හෝ ආයෝජන ඔප්පුවක් මිලදී ගැනීමේ හැකියාවද දී ඇත.

Rate this item
(0 votes)
Last modified on Thursday, 19 August 2021 21:28