May 17, 2024

OPPO-USC තාක්ෂණයේ නවතම අදියර එළිදකී

ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග සන්නාමයක් වන OPPO ස්මාර්ට් දුරකතන සඳහා භාවිත වන Under-screen Camera (USC) තාක්ෂණය තවදුරටත් වැඩි දියුණු කර එළිදැක්වීමට පසුගියදා කටයුතු කළේය.

නවතම දෘඪාංග තාක්ෂණයන් සමඟින් OPPO සතු AI algorithms භාවිත කරමින් සැලසුම් කර ඇති මෙය ස්මාර්ට් දුරකතනවල ඉදිරිපස තිරයට යටින් කැමරාව යෙදීමේ තාක්ෂණය නව මානයකට රැගෙන යයි.

Under-screen Camera තාක්ෂණය සම්බන්ධයෙන් ආරම්භයේ සිටම නොයෙකුත් තාක්ෂණ හා නිෂ්පාදන දුෂ්කරතාවලට මුහුණ දීමට දුරකතන සමාගම්වලට සිදුවී තිබිණි.

කැමරාව පිහිටි ස්ථානයේ තිරයේ දර්ශනවල ගුණාත්මක බව අඩු වීම, තිරය මඟින් කැමරාවට බාධා ඇති වීම නිසා ඡායාරූපවල ගුණාත්මක බව පහළ යෑම මෙන්ම විශ්වාසනීයත්වය හා කල්පැවැත්ම සම්බන්ධ ගැටලු ආදිය මේ අතරට ඇතුළත් විය.

එහෙත් නව තාක්ෂණය සමඟින් මේ ගැටලු බොහොමයකට විසඳුම් දීමට OPPO සමත් වී තිබේ. නව තාක්ෂණයේ පික්සල් ජ්‍යාමිතිය මඟින් පික්සල් සංඛ්‍යාව අඩු නොකර සෑම පික්සල් එකකම ප්‍රමාණය කුඩා කරමින්, කැමරාව පිහිටි ස්ථානයේ පවා 400-PPI වැනි උසස් තත්ත්වයේ දර්ශන ලබා දෙයි.

එමෙන්ම සාම්ප්‍රදායික රැහැන් තාක්ෂණය වෙනුවට නව විනිවිද පෙනෙන රැහැන් ක්‍රමයක් භාවිත වීමද තිරයේ දර්ශනවල ගුණාත්මක භාවය ඉහළ යෑමට හේතු වී ඇත.

නව Under-screen Camera තාක්ෂණය මඟින් කුඩා අකුරු වඩාත් පැහැදිලි ලෙස දැක්වීම සහ වර්ණ හා දර්ශන සුපැහැදිලිව ප්‍රදර්ශනය කිරීම හේතුවෙන්, දුරකතනය භාවිතයෙන් පොත් කියවීම, පුවත් කියවීම හා සිතියම් පරීක්ෂා කිරීම වැනි කටයුතු වල යෙදීමේදී ද දුරකතනය භාවිත කරන්නන්ට වඩාත් විශිෂ්ට අත්දැකීමක් හිමි වේ.

Rate this item
(0 votes)